ගාසාහි තවත් රෝහලකට දරුණු ප්‍රහාර – ඉවත් කරගන්නා ලෙස කලින් දැනුම් දීමකුත් කරලා

ගාසා නගරයේ ඇති ප්‍රධාන රෝහලක් ඉවත් කරන ලෙස ඊශ්‍රායලය ඔවුන්ට දන්වා ඇති බව ගාසා තීරයේ වෛද්‍යවරු සහ පලස්තීන රතු කුරුස සංවිධානය පවසා තිබේ.

ඊශ්‍රායල හමුදා විසින් ඉවත් කිරීමට නියෝග කර ඇති රෝහල වන Al-Quds රෝහලේ රෝගීන් 400 ක් ප්‍රතිකාර ලබන අතර ඔවුන් ගෙනයාමට නොහැකි බව එම සංවිධානය පවසයි.

අඛණ්ඩව රෝහල ආසන්නයේ ප්‍රචණ්ඩකාරී ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාර වාර්තා වෙමින් පවතින බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

ඊශ්‍රායල රජය විසින් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් හරහා රෝහල ඉවත් කිරීමේ නියෝගය අවලංගු කර ඇති බව පැවසූ නමුත් රෝහල අවට බෝම්බ හෙලීම “තවමත් සිදුවෙමින් පවතින” බව එම නිවේදනයේ දැක්වේ.

සාමාන්‍ය වැසියන් 14,000ක් පමණ රෝහලේ සහ එහි භූමියේ නවාතැන් ගෙන සිටින බවද ආරංචි මාර්ග පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පවසන්නේ තවත් භට පිරිසක් එක රැයකින් භූමියට ඇතුළු වූ අතර යුද ගුවන් යානා හමාස් ඉලක්ක 450 කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කළ බවයි.

පුද්ගලයන් 1,400 ක් මරුමුවට පත් වූ සහ පුද්ගලයන් 230 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගිය හමාස් ප්‍රහාරයෙන් ඔක්තෝබර් 7 දා සිට ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ හෙලමින් සිටී.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර බෝම්බ ප්‍රහාරය ආරම්භ වූ දා සිට 8,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News

More like this

අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2...

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...
error: Content is protected !!