2025 දී සූර සරදියල් පන්නයේ අලුත් බද්දක්

2025 වසරේ සිට නව දේපළ බද්දක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අනාවරණය කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයාට අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබේ.

“නව බද්ද මූලික වශයෙන් ඉලක්ක කරන්නේ සැලකිය යුතු දේපළ වත්කම් ඇති පුද්ගලයින්ය. මෙම පුද්ගලයින්ට ඔවුන්ගේ දේපලවල වටිනාකම මත පදනම්ව බද්දක් ගෙවීමට සිදුවනු ඇත” රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

“මෙම පියවර පිටුපස ඇති අභිප්‍රාය වන්නේ ආදායම් අසමානතාවය ආමන්ත්‍රණය කිරීම සහ රට පුරා සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය වැඩි කිරීමයි” ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම බදු පැනවීම ඇතුළු තීරණාත්මක තීරණ සඳහා ශ්‍රී ලංකාව පොළඹවන නිර්දේශ රැසක් ලබා දී තිබේ.

Latest News

More like this

සෙවණැලි බැංකු පද්ධතියක් (Shadow Banking) බිහිවීමේ අවධානමක්.. ෆයිසර් මුස්තෆා අනතුරු අඟවයි

යෝජිත වරාය නගර කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත මගින්...

රාජ්‍ය ණය බර අඩුවෙලා

2025 වසරේ අගෝස්තු මාසය අවසානය වන විට රජය ගෙවිය...

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම නතර කරන්න.. ලොව ඉහළම ආර්ථික විද්‍යාඥයින් 120ක් බල කරයි

නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික...

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...