මාමාගේ සිංගප්පූරු සිහිනය බෑණා සැබෑ කළා – උදය ගම්මන්පිළ

සිංගප්පූරුවේ කර්මාන්ත ශාලාවක අය කරන විදුලි බිලකට සමාන බිලක් ලංකාවේ අය කරන තතත්ත්වයක් උද්ගත වී ඇති බැවින් අනෙක් දේවල් කෙසේ වෙතත් විදුලි බිලෙන් ලංකාව සිංගප්පූරුවට සමාන වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා තිබෙනවා.

ඒ අනුව මාමාගේ සිංගප්පූරූ සිහිනය බෑනා හැබෑ කළ බවයි ඔහු පවසන්නේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ පා. ම. උදය ගම්මන්පිල

‘ආණ්ඩුව ඩොලර් නෑ නෑ කියලා, අපනයන වැඩි කරන්න ඕනේ කියලා කර්මාන්තවල විදුලි පිරිවැය ඉහළ නංවලා. එහෙම වුණාම කොහොමද අපේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපොළේ තරඟ කරන්නේ.

“එවැනි පසුබිමක් තුළ ලංකාවේ අපනයන ආර්ථිකය දිගින් දිගටම කඩා වැටේවී. එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු” යැයි ඔහු පැවසුවා.

“මේ විදිහට විදුලි බිල නැංවූයේ ඩීසල් මාෆියාවට අදාල දූෂණ වළල්ල හින්දා. ඩීසල්වලින් විදුලි උත්පාදනය හැමෝටම කොමිස් කුට්ටි ලැබෙන වැඩක් වෙලා තියෙනවා.” යැයි ද ප්‍රකාශ කළා.

Latest News

More like this

දර්ශන සමුගනී

ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හා ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන...

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...