සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයෙන් නෙරපා දැමීමේ උත්සහයක්?

සමගි ජනබලවේගය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට නියමිත බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

“අපි අවසන් තීරණයක් අරගෙන නැහැ. නමුත් ඔහු අනිවාර්යයෙන්ම පක්ෂ අවශ්‍යතාවලට විරුද්ධව වැඩ කරනවා. මේක නරක තත්ත්වයක්. සමහර SJB මන්ත්‍රීවරු ෆොන්සේකා මහතා සමඟ සාකච්ඡාවක් කර ඇතත් එයින් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නැහැ. ඔහු ඇහුම්කන් දෙන බවක් පෙනෙන්නටත් නැහැ” මහලේකම්වරයා එසේ පැවසුවේ හිටපු හමුදාපතිවරයාට එරෙහිව විනය පියවර ගැනීම ප්‍රතික්ෂේප නොකරමිනි.

මීළඟ ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදීමට තමන් අදහස් නොකරන බව පසුගියදා හමුවූ SJB මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ෆොන්සේකා පවසා ඇති බවද වාර්තා වුණා.

කෙසේ වෙතත්, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතාගේ ලේකම් ජගත් කුමාර මහතා පැවසුවේ, ජනාධිපති ධුරයට තරඟ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. SJB විනාශ කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් සමහර කතා වපුරන බව ද ඔහු සඳහන් කළා.

Latest News

More like this

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...