‘20,000ක වැටුප් වැඩි වීමක් ඉල්ලා’ රට පුරා රාජ්‍ය සේවකයෝ වීදි බසිති (Video)

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති අද (ඔක්. 30) දහවල් 12:00ට දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළ බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සභාපති උදේනි දිසානායක පවසයි.

මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩි වීමක් ඉල්ලමින් සංවර්ධන නිලධාරින්, කළමනාකරණ සේවා නිලධාරින්, ග්‍රාම සේවා නිලධාරින්, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාර සම්බන්ධ වන බව සඳහන් ය.

ඔහු තවදුරට ත් සඳහන් කළේ, 2016 වසරේ සිදු වූ රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමෙන් පසු රජයේ සේවකයන්ගේ වැටුප් මේ දක්වා වැඩි කිරීමක් සිදුව නොමැති බව ය.

Latest News

error: Content is protected !!