ශ්‍රී ලංකාවේ දිරිගන්වන්නා සමුගනී

ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ‘අන්කල් පර්සි’ ලෙසින් හඳුන්වනු ලබන ප්‍රකට ශ්‍රී ලාංකික ක්‍රිකට් දිරිගන්වන්නකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ දිරිගන්වන්නගේ නායකයා මේ වසරේ අගෝස්තු මාසයේදී සිය 87 වැනි උපන්දිනය සැමරූ අතර පසුගිය කාලය තුළ ඔහු අසනීප තත්ත්වයේ පසු වූ බව වාර්තා විය.

සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම හා ප්‍රතිකාර සඳහා රු. මිලියන 5ක පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

‘අන්කල් පර්සි’ දීර්ඝතම කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වූවකු ලෙස ප්‍රකටය.

ඔහු 1979 ලෝක කුසලානයේ සිට තම ආදරණීය කණ්ඩායමට සහය දැක්වීම සඳහා බොහෝ වාර ගණනාවක් ශ්‍රී ලංකා ධජය ඔසවමින් දිරි ගැන්වීම් සිදු කළේය.

Latest News

More like this

විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ...

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...