මෙවර අයවැයෙන් සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් – JVP එක රාජ්‍ය සේවකයින් පාරට බැස්සුවේ ඒක දැනගෙනයි – ජනපති

මෙවර අය-වැය මඟින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායම් රාජ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් සඳහා කැඳවූයේ රජයේ එම තීරණය තමන්ගේ බලපෑමෙන් සිදු වූ බවක් පෙන්වීමට යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා ඊයේ (30) පවසා තිබෙනවා.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ වැටුප ද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බව ද ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ දී අමාත්‍ය මණ්ඩල හමුව ඊයේ පැවැත්වුණු අවස්ථාවේ දීය.

දිනෙන් දිනම බඩු මිල වැඩි වීම මිස අඩු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීමට අදහස් කළ බව ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්වැනි අය-වැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවර අය-වැය යෝජනාවලිය මගින් වැටුප් වැඩි කිරීමක් කරන බවට ප්‍රථමවරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. වැටුප් වැඩිවන ප්‍රමාණය එහි දී ප්‍රකාශ වුණේ නැහැ.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...