කණ්ඩායම් 6යි. මිනිත්තු 90යි. ඕවර් 10 යි. T10 අත්දැකීමක් ප්‍රථම වතාවට ලංකාවේ දී

ලෝකයේ ක්‍රිකට්වලට එකතුවුණු නවතම ආකෘතිය වන T10 හෙවත් ඕවර දහයේ තරඟ ශ්‍රී ලාංකාවට හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) කටයුතු කර තිබේ.

ඒ අනුව මෙරට පැවැත්වෙන පළමු T10 තරඟාවලිය දෙසැම්බර් 12 සිට 23 දක්වා කොළඹ දී පැවැත්වෙන අතර ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

එය “Lanka T10” ලෙස නම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයකට අනුව,පළමු T10 තරගය කණ්ඩායම් හයකින් සමන්විත අතර එම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නගර අනුව නම් කර තිබීම විශේෂත්වයකි.

නොවැම්බර් 5 වනදා දක්වා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම දැනටමත් ක්‍රියාත්මක වන අතර සියලුම තරඟ කොළඹදී පැවැත්වේ.

“ක්‍රිකට් ක්‍රීඩාව අඛණ්ඩව විකාශනය වෙමින් පවතින අත එහි නවතම හැඩය වන T10 ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය ආකෘතියක් බවට පත්වෙමින් තිබේ,” ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

Lanka T10 හි ආරම්භක තරඟාවලිය සාර්ථක අත් හදාබැලීමක් වනු ඇති බවට විශ්වාසයක් ඇත.” එහි වැඩිදුරටත් දැක්වේ.

Lanka T10 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් T10 Sports Management Group, Abudabi T 10 සහ Zim-Afro T10 හි සංවිධායකයින් සමඟ හවුල්කාරිත්වයෙන් පවත්වාගෙන යනු ඇත.

මීට සමගාමීව කාන්තා T10 ලීගයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

“අපි වසර ගණනාවක් තිස්සේ T10 ක්‍රීඩාව නීත්‍යානුකූල ආකෘතියක් ලෙස ස්ථාපිත කළා පමණක් නොව, වඩාත්ම විනෝදාත්මක එකක් ලෙසද ස්ථාපිත කර ඇත,”
T Ten Sports හි සභාපති ෂාජි උල් මුල්ක් හවුල්කාරිත්වය පිළිබඳ සඳහන් කරමින් පවසා ඇත.

ශ්‍රී ලංකාව ඒ අනුව T10 තරගාවලියක් අනුමත කරන දෙවන ICC පූර්ණ සාමාජික රට වේ.එහි පළමුවැන්න ලෙස Zim-Afro තරගය ජූලි මාසයේදී සිම්බාබ්වේ හි දී පැවැත්වේ. ශ්‍රී ලංකාව අවසන් වරට 2023 අගෝස්තු මාසයේදී පවත්වන ලද කණ්ඩායම් හයකින් සමන්විත T20 තරගයක් වන Lanka Premire Leage තරගයට සත්කාරකත්වය දරනු ලැබීය.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!