සනත් නිශාන්තට නාමල්ගෙන් තවත් ලයිට් බිලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යයට හෙටක් පදනම සංවිධානය කළ 2014 හම්බන්තොට දිස්ත්‍රික් පොසොන් කලාපයට ලංකා විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් විදුලි උත්පාදන යන්ත්‍ර (Generator) ගෙවිය යුතු රුපියල් 1,122,889.14ක මුදලක් මේ වන තෙක් ගෙවා නැති බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසා තිබෙනවා.

එම පොසොන් කලාපයට අදාළව විදුලිය ලබා ගැනීම සඳහා රුපියල් 1,522,889.14ක් (පහළොස් ලක්ෂ විසි දෙදහස් අටසිය අසූ නවයයි ශත දහහතර) වටිනා ඇස්තමේන්තුවට අනුව තාරුණ්‍යයට හෙටක් පදනම විසින් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 400,000.00ක් ලංවිම වෙත ගෙවනු ලැබ ඇති අතර ඉතිරි හිඟ මුදල වන රුපියල් 1,122,889.14 ගෙවන ලෙස 2019 මාර්තු 25 දින ලංවිම විසින් ලිපියක් මගින් දැනුම් දී ඇති බව ඔහු සඳහන් කළා.

ඒ අනුව, මෙම පොසොන් කලාපයට ලංවිමෙන් 380KVA විදුලිජනක යන්ත්‍ර 2ක්, 350KVA විදුලිජනක යන්ත්‍රයක්, 300KVA විදුලිජනක යන්ත්‍ර 2ක් හා 250KVA විදුලිජනක යන්ත්‍ර 2ක් කුලී පදනම මත ලබා ගැනීම වෙනුවෙන් ලංවිමට අයවිය යුතු එකී රුපියල් 1,122,889.14ක මුදල නොගෙවා ඇති බව දන්වා ලංවිම නීති නිලධාරිවරයා විසින් 2018 මැයි 31 වන දින එන්තරවාසියක් ද යොමු කර තිබෙනවා.

අදාළ මුදල දින 14ක් තුළ නොගෙවුවහොත් එකී මුදල අයකර ගැනීම වෙනුවෙන් නඩු පවරන බව ද නීති නිලධාරිවරයා විසින් අවධාරණය කර තිබූ බව සඳහන්.

කෙසේ නමුත් මේ වනතෙක් අදාළ හිඟ මුදල ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවා ඇති බව රන්ජන් ජයලාල් පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට දසවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...