බාබාර් අසාම්ගේ ලීක් වුණු WhatsApp චැට් එකෙන් පාකිස්තාන ක්‍රිකට් අර්බුදය එළියට

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබාර් අසාම් (Babar Azam) ගේ පුද්ගලික වට්ස්ඇප් සංවාදයක් කාන්දු වීමත් සමඟ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අර්බුද ගණනාවක් එළියට පැමිණ ඇති බව වාර්තා වේ.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) ප්‍රධානී සාකා අෂ්රෆ් මෙම සංවාද සජීවීව රූපවාහිනියෙන් මුදා හැරීමට අවසර දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

බාබාර්ගේ ඇමතුම්වලට PCB ප්‍රධානී සාකා අෂ්රෆ් ප්‍රතිචාර නොදක්වන බවට පැතිර යන කටකතා මධ්‍යයේ පාකිස්තානයේ නායක බාබර් අසාම් සහ PCB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) සල්මන් නසීර් අතර පෞද්ගලික සංවාදයක් කාන්දු විය.

පකිස්තාන රූපවාහිනී නාලිකාවක එම සංවාදය ඇතුලත් තිර දර්ශන සජීවීව විකාශය කළ අතර,එහි දී සල්මාන් බාබාර්ගෙන් විමසා තිබුණේ ඔහු PCB ප්‍රධානියා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් ප්‍රතිචාරයක් නොලැබුණු බවට වන චෝදනා ගැන ය.

බාබාර් ඊට ප්‍රතිචාර දක්වමින් තමන් අෂ්රෆ් ඇමතීමට උත්සාහ නොකළ බව පවසා තිබේ.

පකිස්තාන හිටපු නායක රෂීඩ් ලතීෆ් විසින් PCB ප්‍රධානී අෂ්රෆ්, බාබාර් සමඟ සන්නිවේදනය නතර කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසු සැලකිය යුතු ආන්දෝලනයක් ඇති වූ අතර පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට පසුගිය මාස හතරක් හෝ පහක් තිස්සේ ඔවුන්ගේ වැටුප් නොලැබුණු බවට චෝදනා එල්ල විය.

බාබාර් සහ PCB හි මෙහෙයුම් ප්‍රධානියා අතර කාන්දු වූ WhatsApp පණිවිඩ සමඟ මතභේදය නව මුහුණුවරක් ගත්තේය.

2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසු බාබාර්ගේ නායකත්වයට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කරන බවට ද මේ වන විට කතා පැතිර යයි. තරඟාවලිය පුරා පාකිස්තානය දස්කම් අතරට පැමිණ නැත.

දැනට, පාකිස්තානය 2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයේ පසුවන අතර, තරඟ හයකින් ප්‍රසාද ලකුණු හතරක් ලබා ඇත.

ඔවුන් නෙදර්ලන්තයට සහ ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණ ලබා ගනිමින් තරගාවලිය ආරම්භ කළ නමුත් එතැන් සිට පිට පිට තරග 4ක් පරාජයට පත් විය.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...