වහාම සටන් විරාමයක් දෙන්න. මානව සංහතිය වෙනුවෙන් ඇන්ජලීනා ජොලීගෙන් ඉල්ලීමක්

ඊශ්‍රායලයට හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය සහ හමාස් අතර මෑත කාලීනව මතු වූ යුද්ධයේ දී තමා සිටගනු ලබන්නේ මනුෂ්‍යත්වයේ පැත්තෙහි බව හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී පවසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය මුළු ගාසා තීරයටම බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් පලස්තීන සිවිල් වැසියන් මරා දමනු ලබන බව ඇය සඳහන් කළා.

ඊශ්‍රායලය එය හමාස් ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක ක්‍රියාවක් ලෙස හඳුන්වද්දී, ඇන්ජලිනා ජොලී එය පැතිකඩ දෙකකින් සලකා බැලිය යුතු බව පවසා තිබෙනවා.

ඔස්කාර් සම්මානලාභී නිළිය Instagram හි තැබු සටහනක, “ලෝකයේ මිලියන ගණනක් මෙන් මමත් ඊශ්‍රායලයේ ත්‍රස්තවාදී ප්‍රහාරයන්, බොහෝ අහිංසක සිවිල් වැසියන්ට මරණය උදාකර ඇති ආකාරය කල්පනා කරනවා.ඔවුන් වෙත හොඳම උපකාරය කරන්නේ කෙසේදැයි කල්පනා කරමින් පසුගිය සති කිහිපය ගෙවා දැමුවේ දැඩි කණස්සල්ලෙන්. සෑම ප්‍රාණ ඇපකරුවෙකුම ඉක්මණින්, ආරක්ෂිතව ආපසු පැමිණීමටත්, ආදරය කරන කෙනෙකුගේ ඝාතනයක සිතාගත නොහැකි වේදනාව දරා සිටින පවුල් සඳහාත් මම ද යාඥා කරමි.දරුණුම දේ දරුවන් ඝාතනය කිරීමයි.බොහෝ දරුවන් දැන් අනාථ වී සිටිනවා.” යැයි පවසා සිටියා.

“ඊශ්‍රායලයේ සිදුවූයේ භීෂණකාරී ක්‍රියාවක්. ඒත් යන්නට තැනක් නැති, ආහාර හෝ ජලය සඳහා ප්‍රවේශයක් නොමැති, ඉවත් කිරීමට හැකියාවක් නැති, සහ රැකවරණය පතා දේශ සීමාවක් තරණය කිරීමට පවා මූලික මිනිස් අයිතිවාසිකමක් නොමැති ගාසා තීරයේ සිවිල් ජනතාවට බෝම්බ හෙලීමෙන් අහිමි වූ අහිංසක ජීවිත සාධාරණීකරණය කළ නොහැකියි” එහි වැඩිදුරටත් පවසා තිබුණා.

“මගේ අවධානය යොමු වී ඇත්තේ ඕනෑම සන්දර්භයක් තුළ ප්‍රචණ්ඩත්වය නිසා අවතැන් වූ ජනතාව කෙරෙහි ය. ගාසා තීරයේ මිලියන 2කට අධික ජනගහනයක් (ඔවුන්ගෙන් අඩක් දරුවන්) සිටින අතර, ඔවුන් දශක දෙකකට ආසන්න කාලයක් දැඩි අවහිරයක් යටතේ ජීවත් වූ අතර, දශක ගණනාවක අවතැන්වීම් සහ රටක් නොමැතිකම මත ජීවත් වුණා. සතිපතා එහි ඇතුළු වන ආධාර ට්‍රක් රථ කිහිපය ඔවුන්ගේ ජීවිතේ කොටසක් වන අතර එහි දිනපතා නව මානුෂීය අවශ්‍යතා ඇති කර තිබෙනවා. ආහාර, ඉන්ධන සහ ජලය අහිමි කිරීම ජනතාවකට සාමූහිකව දඬුවම් කිරීමක්. මානව වර්ගයා වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිනවා. පලස්තීන සහ ඊශ්‍රායල ජීවිත සහ ගෝලීය වශයෙන් සියලුම මිනිසුන්ගේ ජීවිත සමානව වැදගත්.”

Latest News

More like this

අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2...

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...
error: Content is protected !!