ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට වෙන දේ – තීරණාත්ම නඩු තීන්දුව මෙන්න

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය අද (31) ප්‍රතික්ෂේප කළා.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට සුදුසුකම් නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණා.

මෙම පෙත්සම අද විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවක් මත අභියාචනාධිකරණය එය නිෂ්ප්‍රභ කළ බවයි සඳහන් වන්නේ.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පුරවැසිභාවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට ඇති අයිතිය අභියෝගයට ලක් කරමින් රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසිනි.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට තීන්දුවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා සිටියා.

Latest News

More like this

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...