ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සල්මාන් ඛාන්ව දෙකේ කොළයට දාපු හැටි

සෞදි අරාබියේ රියාද්හි පැවති බොක්සිං තරඟයක් අතරතුර සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ බොලිවුඩ් තරුවක් වන සල්මන් ඛාන්ගේ වීඩියෝවකට මේ වන විට අත් තටු ලැබී සමාජ මාධ්‍යවල පියාසර කරන ආකාරය දැකගත හැකියි.

එම වීඩියෝවේ රොනාල්ඩෝ එම තරගය පැවැත්වෙන ස්ථානයට ගමන් කරනා ආකාරයත් එම මාර්ගයේ ඔහු පිළිගැනීමට මෙන් බලා සිටින සල්මාන් ඛාන්ව ඔහු නොසලකා හරින ආකාරය සටහන් වී තිබුණා.

රොනාල්ඩෝ, ඔහුගේ සහකාරිය ජෝර්ජිනා රොඩ්‍රිගුස්ගේ අතින් අල්ලාගෙන යන ආකාරය සහ සියලුම කැමරා ඔහු පසුපස යන ආකාරය පෙන්නුම් කරන එම් වීඩියෝවෙහි පෙන්නුම් කරන්නේ සල්මාන් ඛාන් වෙත කිසිවකුගේ අවධානයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, එම ස්ථානයෙන් මතු වුණු නව ඡායාරූපයක ඛාන් සහ රොනාල්ඩෝ වළල්ල අසල සිනහවක් බෙදා ගන්නා ආකාරය සටහන් වී ඇති බව පැවසෙනවා .

එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟම බොහෝ අය පැවසුවේ රොනාල්ඩෝගේ ජනප්‍රියත්වය සල්මන් ඛාන් වැනි බොලිවුඩ් සුපිරි නළුවෙකු අභිබවා යන බව එයින් පැහැදිලි වන බවයි.

Cristiano Ronaldo With Bollywood’s Biggest Super Star Salman khan

Latest News

More like this

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...