නිල් මහ සටනින් රාජකීයන් දිනුම්.. සතුට වෙනුවෙන් සදුදා නිවාඩු..

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පවත්වන ලද ‘144 වන නිල් මහ සටන’ ක‍්‍රිකට් තරගය කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 181කින් ජය ගත්තේය.

කොළඹ රාජකීය පිල පලමුව පන්දුවට පහර දී තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන ඉනිම අත්හිටුවා ශාන්ත තෝමස් පිලට පන්දුවට පහර දීමට ආරාධනා කලේය.
සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ඔවුන් රැස්කරගත්තේ ලකුණු 153කි.

රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 168ක් රැස් කරන ලද අතර ශාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි ඉනිම සදහා රැස් කළේ ලකුණු 161ක් පමණි.

තරය අවසානයේ ජයග‍්‍රාහී රාජකීය පිලට ශූරතාව පිරිනමන ලද්දේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.

ජයග්‍රහණය හේතුවෙන් රාජකීය විද්‍යාලයට මාර්තු 20 වන සදුදා දින විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශ කර ඇත.

Latest News

More like this

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...