පන්දම් දල්වාගෙන කොළඹට එන පාගමනට එරෙහිව පොලිසිය ඉල්ලූ ආඥාව ප්‍රතික්ෂේප වේ.

වැඩි කළ විදුලි බිලට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීම සඳහා පන්දම් දල්වාගෙන විදුලි බල අමාත්‍යංශයට අසළට පැමිණීමට සුදානම් වන ‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ ට එරෙහිව ආඥාවක් නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීමක් වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (31) ප්‍රතික්ෂේප කළා.

ජා-ඇල” කඳාන” වත්තල සහ මහබාගේ පොලිස්ථානාධිපතිවරු වෙන වෙනම වාර්තා 04ක් අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩි කළ විදුලි බිලට එරෙහිව විදුලි බල අමාත්‍යංශයට අසළදී විරෝධතාවයක් පැවැත්වීම සඳහා පිරිසක් දිවුලපිටිය නගරයෙන් (01) උදෑසන 8.00ට පිටත්වීමට කටයුතු සුදානම් කොට ඇතැයි ඊයේ දැනුම් දෙනු ලැබුවා.

‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ නමින් නම් කොට ඇති මෙම පාගමනට සම්බන්ධ පිරිස මිනුවන්ගොඩ” ඒකල” ජා-ඇල” කඳාන” මහබාගේ සහ වත්තල නගර පසුකර විදුලි බල අමාත්‍යංශයට අසළට පැමිණීමට සුදානම් වන බවටද ඔවුන් පන්දම් දල්වා ගෙන මෙම විරෝධතා පාගමනට එක්වන බවටද බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් පසුකරන තම පොලිස් බල ප්‍රදේශවල ඉන්ධන හල් 20කට වැඩි ප්‍රමාණයක් ඇතැයිද දැනුම් දුන් පොලිස්ථාධිපතිවරු විරෝධතාකරුවන්ගේ පන්දම් හේතූවෙන් ඉන්ධන හල් ගිනිගෙන විශාල විනාශයක් වීමට හැකියාව ඇතැයි අධිකරණයට දන්වා සිටියා.

එමෙන්ම මෙම විරෝධතා පාගමන හේතූවෙන් කොළඹ මීගමු මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග අවහිර වීමට හැකියාව ඇති බවත් එසේ වුවහොත් එම මාර්ග භාවිතා කරන සාමකාමී ජනතාවට පීඩා ඇතිවිය හැකි බවත් ජනතාවගේ දෛනික කටයුතු වලට බාධා විය හැකි බවත් ජාතික ආර්ථිකයට හානි විය හැකි බවත් සඳහන් කළ පොලිස්ථානාධිපතිවරු විරෝධතා පාගමන හේතූවෙන් පොදු දේපළ පනත” මංමාවත් පනත” පොලිස් ආඥා පනත” දණ්ඩ නීතී සංග්‍රහය” උල්ලංඝණය විය හැකි බවත් පෙන්වා දී තිබුණා.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා පැමිණීලිකාර පොලිස්ථානාධිපතිවරු මෙම ආඥාව ඉල්ලා ඇත්තේ අනාගතයේ විය හැකි ක්‍රියාවක් සම්බන්ධයෙන් බවත් අනාගතයේ විය හැකි ක්‍රියාවක් අධිකරණයට තීන්දු කළ නොහැකි බවත් පෙන්වා දී තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජනතාවගේ භාෂණයේ” රැස්වීමේ” නිදහසේ ගමන් බිමන් යෑමේ නිදහස ආරක්‍ෂා කිරමට අධිකරණය බැඳී ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!