‍විදුලි බිලට එරෙහිව කොළඹට පැමිණි පා ගමනට පොලිසියෙන් බාධා – ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු හයක් අත්අඩංගුවට

විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු 6 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාගමන දිවුලපිටිය මංසන්ධියේ සිට කොළඹ දක්වා මෙම පා ගමන සංවිධානය කළේ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින්.

කෙසේවෙතත් පාගමන ආරම්භයේදීම පොලීසිය විසින් පාගමන ක්‍රියාත්මක නොකරන ලෙස දැනුම් දීමක් සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

එහිදී කලහකාරී ලෙස හැසිරුණු විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුළු පිරිසක් ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔවුන් මේ වන විට දිවුලපිටිය පොලිස් ස්ථානයේ රඳවා ඇති බවයි සඳහන් වන්නේ.

Latest News

error: Content is protected !!