අනුරගේ ඇමරිකන් කතාවේ ග්‍රැෆයිට් කොටස සජබයෙන් කොෆි කරපු එකක් ලු

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කළ ඓතිහාසික කතාව මේ වන විට ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ ප්‍රබල සංවාදයක් මතු කර තිබෙනවා.

විශේෂයෙන් පැය දෙකකට වැඩි කාලයක් ඔහු කරන ලද කතාවේ වචනයක වූ අඩුපාඩුවක් දේශපාලන පක්ෂ විසින් උලුප්පා දක්වන අතර එය සමාජ මාධ්‍යවද බොහෝ දෙනෙකු අදහස් පළ කරන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.

මේ අතර සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අනුරගේ ග්‍රැෆයිට් හෙවත් මිනිරන් පිළිබඳ කතාව මීට පෙර එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදු කරන ලද කතාවකින් උපුටා ගෙන ඇති බව පැවසීමට උත්සහයක නිරත වෙමින් සිටිනවා.

මේ එම පක්ෂයේ සාමාජික කබීර් හෂීම් මහතා විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ වීඩියෝවක්. එම වීඩියෝව පළ කරමින් ඔහු 2019 දී වුණු වැරැද්ද යළි වෙන්න දෙන්න එපා යැයි පවසා තිබෙනවා.

Latest News

More like this

බීලා හිටපු කීප දෙනෙක් එක්ක තුවාල වූ අය රෝහලට යැව්වා. ඒකයි මගේ ළඟත් ගඳ එන්නේ.. රන්වල කියලා

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක...

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්

දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය...

ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ

අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට...