ෂාෆ්ටර්ගේ මරණය දිවිනසා ගැනීමක් නොවන බව තීන්දු වෙයි

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය එම මරණය අපරාධයක් බවට තීන්දු කළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබීය.

බෙල්ලේ සහ මුහුණේ තදවීමක් හේතුවෙන් මරණය සිදුව ඇති බව අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර ඇත. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සාපරාධී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට සාධාරණ සැකයක් පවතින බව ඇයගේ නිරීක්ෂණය වී තිබේ.

පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් සම්පාදනය කරන ලද පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව, මරණ පරීක්‍ෂණයේදී අධිකරණය හමුවේ සිදු වූ සාක්‍ෂි සහ අධිකරණ නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් ඇය මෙම නිගමනයට පැමිණි බව අතිරේක මහේස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පසුගියදා යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට පත්කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ ගොඩගනු ලැබීය.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද සියදිවි නසාගැනීමක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පෙබරවාරි 27 වැනිදා අධිකරණය පංච පුද්ගල වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් පත් කරනු ලැබීය.

පංච පුද්ගල මණ්ඩලයට මහාචාර්ය අසේල මෙන්ඩිස් (සභාපති) මහාචාර්ය බී.සී.ආර්. පෙරේරා, මහාචාර්ය ඩී.එච්.එස්. ප්‍රනාන්දු සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් දෙදෙනෙකු වන වෛද්‍ය ශිව සුබ්‍රමනියම් සහ ආචාර්ය බී.ආර්. රුවන්පුර ඇතුළත් විය.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...