ඊශ්‍රායලය පරදින මාරාන්තික අයන් ඩෝම් පද්ධතියක් අසල්වැසි ඉන්දියාවෙන්

ඉන්දියාව තමන්ගේම දිගු දුර ගුවන් ආරක්ෂක පද්ධතියක් (Iron Dome) සූදානම් කරමින් සිටින අතර 2028-2029 වන විට එය යෙදවීමට සැලසුම් කර ඇති බව Times of India වාර්තාවක් පවසයි.

මෙම පද්ධතිය ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය(DRDO) විසින් අභිලාෂකාමී ව්‍යාපෘතියක් වන Kusha යටතේ සංවර්ධනය කෙරේ.

ඉන්දියාවේ DRDO සංවර්ධනය කරමින් සිටින්නේ ඊශ්‍රායලයේ මාරාන්තික Iron Dome මෙහෙයුම් පද්ධතියේ ඔවුන්ගේම නිපැයුමකි.

මෙම මෙහෙයුම් පද්ධතිය ඔස්සේ කිලෝමීටර් 350ක් දක්වා පරාසයක පැමිණෙන රහසිගත ප්‍රහාරක යානා, ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ යුධෝපකරණ හඳුනාගෙන විනාශ කිරීමට බලාපොරොත්තු වේ.

එය කිලෝමීටර් 150, 250 සහ කිලෝමීටර් 350 පරාසයක සතුරු ඉලක්කවලට පහර දිය හැකි විවිධ වර්ගයේ අන්තර්ග්‍රහණ මිසයිල වලින් සමන්විත වනු ඇති බව වාර්තාව වැඩිදුරටත් පවසයි.

මෙම දේශීය මිසයිල (LR-SAM) පද්ධතිය රුසියානු S-400 Triumf ගුවන් ආරක්ෂක පද්ධතියට “සැසඳිය හැකි” බව වාර්තාව පවසයි.

ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටුව 2022 මැයි මාසයේදී LR-SAM පද්ධතිය ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට අවසර ලබා දී ඇත.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...