එක්සත් ජනපදයේ සංචාරයක් අතරතුර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතා කළ ප්‍රකාශයක වචනයක් සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පළ වෙමින් තිබෙනවා.
අනුර කුමාර දිසානායක මහතාගේ එම වැරදීම බොහෝ දේශපාලනඥයින් පටු වාසි තකා භාවිත කරන ආකාරයක් පෙන්නුම් කරමින් පවතින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද ඒ සම්බන්ධයෙන් ඔහුගේ මතය ප්‍රකාශ කළා.
මෙම ප්‍රකාශයට අදාළව ඔහුගේ ඉංග්‍රීසි දැනුම උපහාසයට ලක් කිරීම පිළිකුලෙන් හෙළා දකින බවයි ඔහු පවසන්නේ. මිනිසුන්ගේ ඉංග්‍රීසි දැනුමට හිනාවීම මේ රටේ තියෙන පහත්ම පෙළේ ක්‍රියාවක් බවත් ජපානය, කොරියාව, ඊශ්‍රායලය වැනි ලෝකයේ බලගතු රාජ්‍යයන් ගණනාවක් භාවිත කරන්නේ තමන්ගේ මව් භාෂාව බවත් ලංකාවේ පමණක් ගම්වලින් එන මිනිසුන්ට හිනාවීමට මෙය ආයුධයක් කර ගන්නා අතර එයට තමන් සම්පූර්ණයෙන් විරුද්ධ බව ඔහු පවසනවා.
කෙසේවෙතත් ඔහු පවසන්නේ අනුර කුමාර දිසානායක මහතාගේ කතාවේ සැබෑ හරය වන මිනිරන් ග්‍රැෆීන් කරගැනීමෙන් විශාල ආදායමක් ඉපදිය හැකි බව ඇත්තක් නමුත් එය අලුත් කතාවක් නොවන බවයි.
මීට වසර 10 කට පෙර තමන් ලංකාවේ තාක්ෂණ පර්යේෂණ ආයතනය භාර ඇමතිවරයා වශයෙන් සිටිය දී ශ්‍රී ලංකාවේ විද්‍යාවරියක් ග්‍රැෆයිට් ග්‍ර්‍රැෆීන් බවට පත් කරන තාක්ෂණය දියුණු කළ බවයි.
ඒ මහතාගේ සම්පූර්ණයෙන් කතාව මෙතනින්.