ඉන්දියාව සහ ශ්‍රී ලංකා තරඟය මැද පර්සිට උපහාර

අභාවප්‍රාප්ත සුප්‍රසිද්ධ දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාට උපහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අද (02) ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී කළු පටි පැළඳ සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

අන්කල් පර්සි ලෙස ක්‍රිකට් ලෝකයේ ප්‍රසිද්ධ ඒ මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අත්‍යවශ්‍ය අංගයක් වූ අතර, ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වීමට සහ දිරිගැන්වීම සඳහා සීමා ඉරෙන් එපිට සිට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

ඔහුගේ කීර්තිමත් උරුමය ශ්‍රී ලංකාවේ පූර්ව සහ පශ්චාත් ටෙස්ට් යුග පුරා විහිදෙන අතර ඔහුගේ නම ක්‍රිකට් ලෝලීන් අතර සදාකාලිකව පවතිනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...