“ඔබේ සොල්දාදුවන් කළු බෑග්වලින් නැවත පැමිණෙනු ඇති” හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට පණිවිඩයක්

ගාසා තීරයේ ඊශ්‍රායලයේ මරණ සංඛ්‍යාව හමුදාව ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව හමාස් සන්නද්ධ බලකායේ ප්‍රකාශක අබු උබයිඩා (Abu Ubaida) පවසා තිබේ.

“ඔබේ සොල්දාදුවන් කළු බෑග් වලින් ආපසු පැමිණෙනු ඇත,” ඔහු අවධාරණය කර ඇති බව වාර්තා පවසයි.

ඊශ්‍රායල දත්ත වලට අනුව, සිකුරාදා සිය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කිරීමෙන් පසු ඊශ්‍රාලයට සොල්දාදුවන් 18 දෙනෙකු අහිමි වී ඇති අතර හමාස් සටන්කාමීන් දුසිම් ගණනින් මරා දමා ඇත. ඒ අතරට හමාස් නායකයින් කිහිප දෙනෙක්ම ඇතුළත්ය.

ඊශ්‍රායල හමුදා ඉංජිනේරුවන්ගේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් ඉඩෝ මිස්රාහි රොයිටර් පුවත් සේවයට කියා සිටියේ ඊශ්‍රායල හමුදා උමං මාර්ගවල පතල් සහ මර උගුල් වලට මුහුණ දෙමින් සිටින බවයි.

Latest News

More like this

බොන්ඩි බීච් ප්‍රහාරයෙන් ජීවිත ගණනාවක් බේරාගත් ඕස්ට්‍රේලියාවේ වීරයා

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි බීච් හි දී නිරායුධ සිවිල්...

උපාධි සහතිකය සම්බන්ධයෙන් රන්වලට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්.. පුළුවන් – නලින්ද

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගෙ ආචාර්ය...

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...