ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බරපතල කණස්සල්ල පළ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) 2023 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දක්‍ෂතාවය, විශේෂයෙන් ඊයේ(02) ඉන්දියාවට එරෙහිව කලකිරුණු පරාජය පිළිබඳව කණස්සල්ල සහ කළකිරීම ප්‍රකාශ කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ මෙම ගැටළු සැලකිල්ලට ගනිමින්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි සහ පුළුල් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය කිසිවිටෙකත් වෘත්තීය කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ රාජකාරි හා වගකීම් ප්‍රමිති හා රෙගුලාසිවලට අනුව ඉටු කිරීමට බාධා කර නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගවීම, විනිවිදභාවය සහ විෂය කරුණු කඩිනමින් විසඳීමේ වැදගත්කම පිළිබඳව තරයේ විශ්වාස කරන බව ද එහි දැක්වේ.

සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයේ පැහැදිලි කිරීමක් සඳහා වන කැඳවීම කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වූ කාර්ය සාධනය පිටුපස ඇති හේතු තේරුම් ගැනීම සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම අරමුණු කර ගෙන ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...