දිනිති සංගීත් කොළඹට ගෙනැල්ල බයිට් කරල යවපු මේ කොල්ලාට හරි පාර පෙන්නන්නෙ කවුද?

සංගීත්වයි දිනිතිවයි හොයාගෙන දැරණියගල ඉඳන් කොළඹට ඇවිත් සෝෂල් මීඩියා වල විවේචනයට ලක් වුණු හෂේන් මතක ද? Hashen kp කියන යූ ටියුබ් චැනල් එක, එක රැයින් ජනප්‍රිය වුණා ඒ සිද්ධියත් එක්ක.

දැන් එයාගේ යූ ටියුබ් චැනල් එක ජනප්‍රිය වෙලා තියෙන්නෙ එයාම එයාට කරගන්න Challenge නිසා. සංගීත්වයි දිනිතිවයි හොයාගෙන ගියා වගේම එයා පහුගිය දවසක යොහානිවත් හොයාගෙන කොළඹ පීරල තිබුණා.

ඒ අතර තිබුණා අත් දෙක ගැටගහගෙන Mr. Kottu එකෙන් කොත්තුවක් කෑම, නොන්ඩියෙන් “බික”ට යාම වගේ අමුතු අමුතු චැලෙන්ජ්.

පොල් කටු දෙකෙන් ගෝල්ෆේස් ඇවිත් ඉස්සො වඩේ එකක් කන එක තමයි හෂේන්ගේ අලුත්ම Challenge එක. බැලූ බැල්මට සිඟිති ආතල් එකක්. වයසට ගැළපෙන්නෙ නැති වැඩක්. ඒ වයස්වල අනිත් උන් ජීවිතේ අල්ලගන්න ගහන ගේම් එක්ක කොහෙත්ම ගැළපෙන්නෙ නෑ.

හැබැයි සිඟිති ආතල් එකක් වුණත් මේක ඇතුළෙත් පොඩි ගේම් එකක් තියෙනවා කියල අපට හිතෙනවා. කොල්ල හදන්නෙ කාගෙ හරි පස්සෙ ගිහින් නෝන්ඩි වෙලා හරි එයාගෙ යූ ටියුබ් එක ගොඩ දාගන්න. කාලෙ හැටියට වරදක් කියන්නත් බෑ. කන්ටෙන්ට් එක පට්ට ගොන් වුණත් මේ කොල්ලගෙ හැම වීඩියෝ එකකම අපි දැක්ක හොඳමදේ Creativity එක. ඒක් උපරිමයි. Advertising, Content Creating, Script Writing, Digital Marketing මේ ඕනම වැඩකට ගැළපෙන සිරාම වැඩ්ඩෙක්. දණපොල් කටු දෙකට ගෙවෙනකල් පොල් කටු දෙකෙන් කොළඹට එන්න හදනව වගේ සීනිබෝල වැඩවලින් ඒ වැඩ්ඩා යට යන එක අපරාදේ.

දිනිති සංගීත් ඔය දෙන්නට තිබුණේ මේ පොඩි කොල්ල කොළඹට ගෙනැල්ල බයිට් කරල යවන්න නෙවෙයි. මේ කොල්ලට යන්න ඕන හරි පාර කියල දෙන්න.

ඔයාලගෙ කනෙක්ෂන්වලින් ඒක කළා නම් කොළඹට ගෙන්නවල ඔයාලගේ චැනල් එකේ පෙන්නලා වීව්ස් ටිකක් ගන්නවට වඩා ඒක කොච්චර වටිනවද?

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...