ක්‍රිකට් ආයතනය ගෙදර යවන #GoHomeSLCboard ව්‍යාපාරය ඇරඹේ

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකාව ලැබූ අන්ත පරාජයත් සමග මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් සමාජ විරෝධයක් මතුව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අසමත් පරිපාලනය සහ තේරීම් කමිටුව වහාම වෙනස් කළ යුතු බවයි ඔවුන් පවසන්නේ. #GohomeSLCboard යනුවෙන් හෑෂ් ටෑගයක් ද මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

යම් කලහකාරී තත්ත්වයක් ඇතිවේ යැයි අනුමාන කරමින් ඊයේ (3) ක්‍රිකට් ආයතනයේ ඉදිරි පිට දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව ද වාර්තා වුණා.

ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවට මුහුණු පොතේ පළවූ වාර්තා ඊට හේතුවයි.

එම ස්ථානයට පැමිණි සිවිල් ක්‍රියාකාරියෙක් අද (4) උද්ඝෝෂණය පැවැත්වෙන බව පවසමින් පිටව ගොස් තිබුණා.

Latest News

error: Content is protected !!