ගාසා තීරයට වගේම ශ්‍රී ලංකාවටත් සලකන්න – ජනපති ජ්‍යාත්‍යන්තරයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව සහ ගාසා තීරය යන දෙඅංශයේම මානව හිමිකම් ගැටළු ආමන්ත්‍රණය කිරීමේදී ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කණස්සල්ල පළ කර තිබේ.

ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (3) වැලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

පලස්තීන රාජ්‍යත්වයේ මූලධර්මයට ශ්‍රී ලංකාව සහය පළ කරන අතරම හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බවත් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
එල්ල කිරීමට ඇති අයිතිය පිළිගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, ජීවිත 10,000කට අධික සංඛ්‍යාවක් ඛේදජනක ලෙස අහිමි වූ ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව ඔහු සිය කණගාටුව පළ කළේය.

ඇමරිකාව ඇතුළු බටහිර ජාතීන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ඇත්තේ එහි මානව හිමිකම් වාර්තාව නිසා බව ඔහු පෙන්වා දුන්නේය.

කලාප දෙකම එක හා සමාන ගැටලුවලට මුහුණ දී තිබියදීත්, ශ්‍රී ලංකාව සහ ගාසා තීරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රවේශයේ විෂමතාව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණ කරනු ලැබීය.

Latest News

More like this

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...

අවුරුද්දක් යනතුරු කෝච්චියේ නුවර යන්න හිතන්නවත් බැහැ – නි. ඇමති ප්‍රසන්න

'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන...