ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ දී හංගන්න බැරිවුණු, සාරා ටෙන්ඩුල්කාර් සහ ශුබ්මන් ගිල්ගේ ප්‍රේම කතාව..

ICC ක්‍රිකට් ලෝක කුසලාන 2023 ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවති තරඟය අතරතුර, ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ දියණිය වන සුරූපි සාරා තෙන්ඩුල්කාර් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශුබ්මන් ගිල් සියලු දෙනාගේ අවධානයට ලක්වුණා.

මෙම විශේෂිත ලෝක කුසලාන තරගයේ දී ඉන්දියාව ශ්‍රී ලංකාව පරදා ලකුණු 302 ක විශිෂ්ට ජයක් වාර්තා කළ අතර ඒ සඳහා ශුබ්මන් ගිල්, විරාත් කෝලි සහ ශ්‍රෙයස් අයියර් රැස් කළ අර්ධ ශතකවලින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ලැබුණේ කියල නිම කරන්න බැරි තරම් විශාල දායකත්වයක්.

හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 92කදී වේගවත් ලකුණු 92ක් ලබා ගත් ශුබ්මන්ගේ ඉනිම මෙහි දී කැපී පෙනුණා.

වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් පන්දුව රැක ගැනීම සමඟ ශුබ්මන් ගිල් දැවී යන විට එක වරම කැමරා ප්‍රේක්ෂකයින් අතර සිටි සාරා ටෙන්ඩුල්කාර් වෙත එල්ල වීම මෙහි කැපී පෙනෙන සිදු වීමක් වුණා.

එම දර්ශනවල දකින්න ලැබුණේ ශුබ්මන්ගේ දැවීයාම හමුවේ ඇය අනපේක්ෂිත ලෙස අවුල් වන ආකාරයයි.

සාරා සහ ශුබ්මන් ගේ ප්‍රේම සම්බන්ධයක් ගැන කටකතා එක්ක මේ සිදුවීම වෛරල් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

සාරා ටෙන්ඩුල්කාර් මීට පෙර පූනේ හි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ICC ක්‍රිකට් ලෝක කුසලාන තරගය අතරතුර දී ද ශුබ්මන් ගිල් දිරිගැන්වීමට පැමිණ සිටියා.

Latest News

More like this

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...