“හරක් කටා” ඇමති අලස්ට රු මිලියන 700 ක් දෙන්න හදයි

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවේ පසුවන කුප්‍රකට අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වළක්වා ගැනීම වෙනුවෙන් තමාට රුපියල් මිලියන 700ක මුදලක් ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ සිකුරාදා (03) ගාල්ල උණවටුන ප්‍රදේශයේ දකුණු පළාතේ පොලිස් ස්ථාන භාර නිලධාරීන් (OIC) සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකට එක්වෙමිනි.

එමෙන්ම තමන් අමාත්‍ය ධූරයෙන් එළවා දැමීම සඳහා පාතාල නායකයන් ඊටත් වඩා විශාල මුදලක් තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ලබාදීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (SDIG) දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ඇතැම් පොලිස් නිලධාරීන් පාතාල සාමාජිකයන්ට ආධාර අනුබල දීමේ ප්‍රතිඵලයක් ලෙස අපරාධ ක්‍රියාකාරකම් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.

එම අපරාධකරුවන් සමඟ එක්ව කටයුතු කරන මෙවැනි නිලධාරීන් ඉතා අල්ප සංඛ්‍යාවක් හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැඩි විවේචනයට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Latest News

More like this

මම ආණ්ඩුව විවේචනය කළේ නැහැ. මත්ද්‍රව්‍ය විනාශ කිරීමට යෝජනා කළා පමණයි…

මේතාක් ආණ්ඩු බලය හෙබවූ අනෙකුත් සෑම රජයකටම සාපේක්ෂව ජාතික...

උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍ර දෙකම නුගේගොඩ ‘සක්යා’ එකෙන් ලීක් වෙලා…

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය නුගේගොඩ...

ඇස් අන්ධ වුණේ කෙහෙළියගේ බෙහෙතෙන් නෙවෙයි… සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු...

මාධ්‍යවේදීන් CID ගෙන්වීම නින්දිත ක්‍රියාවක් – විපක්ෂ නායක සජිත්

තමන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ සත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මාධ්‍යවේදීන්...