ඔබ දන් දුන් ලේ බිඳට අපමණ වටිනාකමක්. ලේ ලීටර් ගණන්වලින් ඖෂධ මාෆියාවට දන් දීලා

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් සැදීම සඳහා රුධිරය ලීටර 150ක් ලබා ගෙන ඇත්තේ, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බව රිමාන්ඩ් භාරයේ පසුවන Izolez Boitech Pharma සමාගමේ හිමිකාර සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති පවසා ඇතැයි වාර්තාවේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ එම රුධිරය ලබාගෙන ඇත්තේ අධ්‍යන පර්යේෂණයක් සඳහා යයි පවසමින්, සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය මත බවයි.

ඒ අනුව, ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් රුධිරය ලීටර 150ක් අදාල ව්‍යාපාරිකයාට ලබාදී ඇතැයි එම සංගමය පවසයි.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් රජයේ රෝහල්වලට සපයා ඇතැයි කියන Izolez Boitech Pharma සමාගමේ හිමිකාර සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති නැමැත්තාව ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ නොවැම්බර් 01 දා නියෝග කළාය.

Latest News

More like this

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය...