ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අවුල ලෝකයටම කියන වැඩපිළිවෙළක්

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දරන රටවල් දැනුම්වත් කිරීම සඳහා කටයුතු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ICC සාමාජික රටවල් දැනුවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැනුම්වත් කිරීමට ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ අතර, ඒ සදහා පත් කළ කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහතිකය අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කර තිබුණි. ICC හි එම ප්‍රතිචාරයට අමාත්‍යවරයා පවසා සිටියේ ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීම’ ලෙස යි.

එලෙස කරුණු දැක්වීමට තිබූ අවස්තාවන් වැලැක්වීම මත ICC පූර්ණ සාමාජිකත්වය ඇති සියලු රටවල් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ වර්තමාන තත්ත්වය පැහැදිලි කර ඔවුන්ගේ වැරදි ක්‍රියාකාරකම් ද ඇතුලත්ව ලිපියක් යොමු කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

ශ්‍රි ලංකාව සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල් 12 කි. ස්වාධීන ආයතනයක් වූ ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විශේෂ විගණන වාර්තාව අධ්‍යනය කර ඒ සම්බන්ධව පියවර ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙය දේශපාලන අත පෙවීමක් ලෙස වැරදි ආකාරයට හුවා දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොමග යැවීමට කටයුතු කර ඇති අතර ජාත්‍යන්තර කවුන්සිලය සමග ගණුදෙනු කිරීම බොහෝ ක්‍රීඩා සංගම් හා සම්මේලන වලක්වාලන පසුබිමක අමාත්‍යවරයාට ඔවුන් වෙත සෘජුවම ජාතික සංගම්හි වර්තමාන තත්ත්වයන් ලිපි මගින් දැනුම් දීමට කටයුතු කර ඇත.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විශේෂ විගණන වාර්තාවේ නිර්දේශයන් මත පමණක් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර ඇති බව දන්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති රටවල් වෙත යොමුකළ ලිපියේ දැක්වෙයි.

එම ලිපිය යොමුකර ඇති රටවල් වන්නේ ,

01. ඇෆ්ගනිස්ථානය
02. ඕස්ට්‍රේලියාව
03. බංගලාදේශය
04. එංගලන්තය
05. ඉන්දියාව
06. අයර්ලන්තය
07. නවසීලන්තය
08. පාකිස්තානය
09. දකුණු අප්‍රිකාව
10. බටහිර ඉන්දීය කොදෙව්
11. සිම්බාබ්වේ

– මාධ්‍ය ඒකකය

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...