වචනයක වැරැද්ද ද ලොකු? මේ රටට වුණු වැරැද්ද ද? කල්පනා කරල බලන්න – අනුර කුමාර

ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එම සංචාරය අතරතුර කළ කතාවක වචනයක සිදුවූ වැරදීමක් නිසා පසුගිය සතිය පුරා කතා බහට ලක්වුණා.

විවිධ දේශපාලන පක්ෂ ඇතුළු බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් විවිධ මත පළ කර අතර අනුර කුමාර දිසානායක මහතා ද යූ ටියුබ් නාළිකාවක් ඔස්සේ ඒ පිළිබඳ අදහස් දක්වා තිබෙනවා.

තමන් ග්‍රැෆීන් වෙනුවට ග‍්‍රැපයිට් ලෙසින් පැවසීමෙන් සිදුවූ වචනයක අත්වැරදීම අද වන විට සමාජය තුළ විශාල කතාබහකට ලක්ව ඇතැයි ඔහු එහි දී සඳහන් කළා.

ඔහු පවසන්නේ තමන් තමන් එම වචනය නිවැරදි ආකාරයෙන් පනස් වතාවට වඩා පවසා ඇතත් ඒ ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වූයේ නැති බවයි.

නමුත් වඩා ප‍්‍රබල වන්නේ තමා අතින් සිදුවූ වචනයක වරද ද ලංකාවට සිදු වී ඇති වරද දැයි ඔහු එහිදී ප්‍රශ්න කළා.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...