දිනක්ෂිට බනින අය රෙදි ඇඳල ද?

දිනක්ෂි ප්‍රියසාද් පහුගිය දිනක ෆේස්බුක් ගිණුමට රෂී ප්‍රභා සන්දීපනී එක්ක දාපු ඡායාරූපයක් යටින් ලංකාවේ සංස්කෘතික පොලිසිය අන්තිම කැත පහත් අදහස් පළ කරල තිබුණා.

ඒ මේ ඡායාරූපයේ රෂී ප්‍රභාගේ හා දිනක්ෂිගේ ඇඳුම් එකිනෙකට සන්සන්දනය කරමින්.

රෂීප්‍රභා විනීත ඇඳුමින් සැරසී සිටින බැවින් ඇය ඉතා දක්ෂ විනීත නිළියක් ලෙසයි බොහෝ අය හඳුන්වා තිබුණේ.

කෙසේවෙතත් දිනක්ෂි මෙම ඡායාරූපයේ ඇඳ සිටින ඇඳුම අනුව ඇයව නිර්වචනය කරමින් ඇයට බොහෝ අපහාස සහ අවලාද නැගීමට ඔවුන් කටයුතු කර තිබුණා.

ඇඳුමක් නිසා මේ තරම් පහත් දේවල් කියන මිනිස්සු සදාචාරය කියල ප්‍රාර්ථනා කරන්නෙ මොනවගේ ලෝකයක් වෙන්න ඇති ද?

සර්වාංගයම වැහෙන්න ඇඳුම් අඳින මේ සංස්කෘතික නෝනාලා මහත්වරු කට ඇරියම එයාලා ඉන්නෙ ඇඳුම් නැතුව කියන එක එයාලට නොතේරෙන්නෙ ඇයි?

Latest News

More like this

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...