අප්පච්චිගේ අඩුව දැනෙන්න නොදී අලුත් ගමනට යෝධ හයියක් වුණේ ලොකු මල්ලි – මාධවී කසුන් එක්ක ගෙවන්න යන අලුත් ජීවිතය ගැන කියයි

රටම ආදරය කරන ජැක්සන් ඇන්තනි මහතාගේ අභාවයෙන් දින කිහිපයකට පස්සෙ ඇන්තනි පවුලේ ලොකු දුව වුණු මාධවී ඇන්තනී ජීවිතේ වැදගත් පියවරක් ඉදිරියට තිව්වා.

ඒ අවස්ථාව මාධවීගේ වගේම ඇගේ පෙම්වතා වුණු කසුන් මහේන්ද්‍ර ගේ වගේම අකිල ධනුද්දරගේ සමාජ මාධ්‍යවලත් විටින් විට ඒ සම්බන්ධ පෝස්ට් පළ වුණා.

කසුන් මාධවීගේ මේ අලුත් පිම්මට ලොකු මල්ලි අකිලගෙන් ලොකු සහයෝගයක් ලැබුණු බව මාධවී කියනවා.වෙනදට ජිම් එකේ බර උස්සනවට එහා ලොකු වැඩක් කරේ නැති අකිල අප්පච්චි නැති අඩුව දැනෙන්න නොදී මේ අලුත් ගමනට යෝධ හයියක් වුණු බව මාධවී කියනවා.

කොහොම වුණත් මේ නව පටන් ගැන්ම මොකක්ද කියල නම් මාධවී කියල තිබුණේ නෑ.ඒ ගමන මොකක් වුණත් අප්පච්චි නැති අඩුව නොදැනෙන ලස්සන ගමනක් වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනවා.

“ජීවිතේ කියන්නෙ snakes and ladders බෝඩ් ගේම් එකක් නම්, මෑතකදී අපිට සර්පයින් අහු වෙලා කිහිප වරක්ම ඉදිරියට තිබ්බ අඩි කිහිපයක්ම අපට ආපස්සට තියන්න වුනා. ජීවිතේ ලොකුම හයිය වෙච්ච අප්පච්චි අසනීපෙන් අවුරුද්දකට වැඩි කාලයක් ඉඳලා අපට අහිමි වුනා. කාලය ගලාගෙන ගියාට ජීවිතේ එක තැන පල් වෙනවා වගේ දැණුනා.

ඒත් ඒ වගේ කාලෙක ඉදිරි පිම්මක් ගන්න හමු වෙච්ච පුංචි ඉණිමඟේ පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන් වුනේ මටත් Kasun Mahendra Heenatigala ටත්, අපේ සහෝදර සහෝදරියන්ගෙන් ලැබුනු හයිය නිසයි. එතන හැමදාම වගේ මුල්තැන ගත්තේ ලොකු මල්ලි Akhila Dhanuddhara ජේසු පවුලයි, අප්පච්චියි, යාලුවෝ සෙට් එකත් එක්කන් අපිව ඉස්සර කරන් මේ අලුත් ඇරඹුම ගන්න යෝධ හයියක් වුනේ අපේ “යෝධ පාදයා”.

ජිම් එකේ බර උස්සනවා දැකලා තිබ්බට කවදාවත් මං දැකලා තිබ්බෙ නෑ ලොකු මල්ලි ඇඳුම් නවනවා, කොස්සක් අරන් අතුගානවා, මකුළුදැල් කඩනවා. ඒ වගේම ඒමි නංගි @amanda___anthony පුංචි කුකීව කුසේ දරාගෙන, ඉදිමුනු දෙපා සහිතව, දූවිල්ලෙන් හෙම්බිරිස්සාව හදාගෙනත් මට හුඟක් උදව් කළා. අපි විහිලුවටත් කියන්නෙ ගෙවල් හැඩකරන හැටි ගැන උපාධියක් හිමි ඒමි කියලනෙ. මොකද ඇත්තටම ඒමිගේ උපාධිය ගෘහනිර්මාණ ශිල්පයේ interior designing ගැන නිසා. කොහොමහරි අන්තිමට චුංගි නෝනා ආසාව වැඩි කමට ආපහු යන්න බෑ කියලා අඬන තැනටම වැඩේ ලස්සනට වුනා.

අමාරුම වැඩ ටික ලේසියෙන් වුනා වගේ දැනුණේ ලොකු මල්ලි හින්දයි. කසුන්ගෙ අක්කාත්, අම්මාත් පිටිපස්සෙන් ඉඳන් ලොකු හයියක් වුනා. චූටි මල්ලිත් Sajitha Anthony බුවීත් Buvi Halvitige ඈතින් ඉඳන් උදව් කළා. ස්තූතියි මහන්සි වෙච්ච අපේ යාලුවෝ හැමෝටම. මේ ජීවිතේ ජයගත්තා කියලා සැනසුම් සුසුමක් හෙළන දාකට, ඔයාලා හැමෝම අපිට ladders වුනා කියලා අපි අමතක කරන්නෙ නෑ! ඔයාලා හැමෝටම දෙවි පිහිටයි! අප්පච්චිගෙ පිහිටයි!” #blessings #goodvibes #newbeginnings 🧿

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!