ඇන්ජලෝ මැතිව්ස් ගේ ඉතිහාසගත වූ දැවී යෑම

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 03ක ජයක් ලැබීමට බංගලාදේශය සමත් විය.

එය මෙතෙක් ලෝක කුසලාන එක්දින තරගාවලියකදී බංග්ලාදේශය, ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක් විය.

දිල්ලි හි අරුන් ජෙට්ලී ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය උණුසුම් මුහුණුවරක් ගනු ලැබිය.

අද පැවති තරගයේදී සිදුවූ එක් ඓතිහාසික දැවී යාමක් සම්බන්ධයෙන් බොහෝ සංවාද හා විවෙචන සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.

ඒ ඇන්ජලෝ මැතිව්ස් ගේ දැවී යාම සම්බන්ධයෙනි.

සදීර සමරවික්‍රම ගේ දැවී යාමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් එකඳු පන්දුවකට හෝ මුහුණ නොදී දැවී ගියේය.

ඒ ඔහු පන්දුවට පහරදීම සඳහා මිනිත්තු දෙකක කාලයකට වඩා කාලය ගත කිරීම හේතුවෙනි.

පන්දුවට පහරදීමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ගේ ආරක්‍ෂිත හිස් වැසුමේ පටියක් ගැලවී යාම හේතුවෙන් ඔහු නව ආරක්‍ෂිත හිස්වැසුමක් ක්‍රීඩාගාරයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පන්දුවට පහරදීම ප්‍රමාද වුවායැයි ප්‍රතිවාදී බංගලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් විනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව ඇන්ජලෝ මැතිව්ස් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන ලදී.

ක්‍රිකට් නීතිය අනුව පිතිකරුවෙකු දැවී යාමෙන් පසු පිටියට පැමිණෙන අනෙක් පිතිකරු මිනිත්තු 02 ක් ඇතුළත තණතීරුවට පැමිණ ඊළඟ පන්දුවට මුහුණ දීමට සූදානම් විය යුතු යැයි දැක්වෙයි.

ඇන්ජලෝ මැතිව්ස් ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ධනංජය ද සිල්වා, චරිත් අසලංක සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබු අසිරු තත්ත්වයෙන් මුදා ගැනීමට දැඩි වෙහෙසක් දැරීය.

– BBC

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...