ඉතාලි හීන පෙන්වා කෝටි ගණන් ඉපයූ නළුවා දැලේ

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා ව්‍යාජ වීසා බලපත්‍ර සකස් කර පුද්ගලයන් ගණනාවක් රවටමින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයූ චිත්‍රපට ටෙලිනාට්‍ය සහාය නළුවකු මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සංවිධානාත්මක කල්ලිය තිදෙනකුගෙන් සමන්විත වන අතර පිටකොටුව සහ කිරිබත්ගොඩ ප්‍රදේශවලදී ඔවුන් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම සංවිධානාත්මක කල්ලියට ගොදුරුවූ පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් අවිස්සාවේල්ල ඇතුළු පොලිස් ස්ථාන කීපයකට පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන සැකකරු ඉතාලියේ රැකියා දෙන බව කියමින් එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම කල්ලිය මෙහෙයවූ රංගන ශිල්පියා ටෙලි නාට්‍ය චිත්‍රපට ගණනාවක සහාය නළුවකු ලෙස රංගනයේ යෙදී ඇති අතර මොහු ප්‍රධාන පෙළේ නාලිකා කීපයකම රැකියාව කළ පුද්ගලයෙක් බව පැවසෙනවා.

ප්‍රධාන සැකකරු කැසිනෝ ක්‍රීඩාවට තදින් ඇබ්බැහි වූවකු වන අතර මොහු ඇතැම් දිනවල රුපියල් කෝටියක පමණ මුදලක් ඔට්ටු තබමින් කැසිනෝ ක්‍රීඩාවේ නිරතවී ඇති බව පොලිසිය පවසනවා.

Latest News

More like this

ග්‍රීන්ලන්තයේ සෑම පුරවැසියෙකුටම ට්‍රම්ප්ගෙන් ඇ ඩොලර් 100,000ක ඔෆර් එකක්

ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම...

සිංහයා යළි කකුල් සතරෙන් සිටගනී. ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි..

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය...

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...