ආන්දෝලනාත්මක ‘Timed Out’ දැවී යාම : විනිසුරුවන් වැරදි බව ඔප්පු කිරීමට ඇන්ජලෝ මැතිව්ස් ‘වීඩියෝ සාක්ෂි’ ලබා දෙයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 2023 ලෝක කුසලානයේ බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනයේ ඊයේ (06) පැවති තරගයේ දී ක්‍රිකට් ඉතිහාසයේ නියමිත කාල සීමාව ඉක්මවා යාම නිසා දැවී ගිය ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වෙමින් ආන්දෝලනාත්මක දැවී යාමකට මුහුණ දුන් අතර ඔහුගේ දැවී යාම සම්බන්ධයෙන් විනිසුරුවන් වැරදි බව ඔප්පු කිරීමට ‘වීඩියෝ සාක්ෂි’ ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ මින් පෙර නොවූ විරූ සිදුවීමක් වූ මෙම සිදුවීමේ දී, බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීමක් මත මැතිව්ස් දැවී ගිය බව විනිසුරු තීරණය කළා.

එය සිදු වූයේ ශ්‍රී ලංකා ඉනිමේ 25 වැනි ඕවරයේදීය.

සදීර සමරවික්‍රමගේ කඩුල්ල සකීබ් ලබා ගත්තේ ඔහුගේ ඕවරයේ දෙවැනි පන්දුවේ දීය.

මැතිව්ස් තණතීරුව වෙත ගිය අවස්ථාවේ ඔහුගේ ආරක්ෂිත හිස්වැසුමේ දෝෂයක් මත විනිසුරුගේ අවසරයකින් තොරව එය ඉල්ලා සිටීම මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වීමට හේතු වුණා.

මේ අවස්ථාවේ බංග්ලාදේශ පන්දු යවන්නෝ මැතිව්ස්ට එරෙහිව කාල සීමාව පිළිබඳ ඉල්ලීමක් සිදු කළ අතර විනිසුරුවන් වන Richedrd Illinworth සහ Marais Erasmus දීර්ඝ සාකච්ඡාවකින් පසුව, මැතිව්ස් ගේ කාලය ඉකුත් වූ බව සඳහන් කරනු ලැබුවා.

Latest News

More like this

විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ...

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...