අතුරු කමිටුවක් දාන්න ජනාධිපතිට කිය කිය ඉන්න ඕන නෑ. කියනවනම් අර්ජුනට ඇමතිකමත් දෙන්න ලෑස්තියි – ජනපතිගෙන් දොස් අහපු ක්‍රීඩා ඇමති කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා නව අතුරු කමිටුව පත් කිරීමේ දී ජනපති නොවිමසීම හේතුවෙන් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති අතර ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට තමාට ජනාධිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන බව අමාත්‍යාවරයා පවසයි.

අර්ජුන රණතුංග මහතාට අවශ්‍ය නම් තමන් ක්‍රීඩා අමාත්‍ය ධූරය වුවද ලබා දීමට සූදානම් යයි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසා තිබේ.

“ජනාධිපතිතුමාගේ අනුමැතිය ගන්න ඕනේ ඒවා තියෙනවා. අතුරු පාලක කමිටුවක් දැමීමේදී එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඒ අනුව මට තියෙන බලතල ප්‍රකාරව තමා තීන්දුව ගත්තේ. කැබිනට් මණ්ඩලයේ දී වුණේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සියලුම ක්‍රීඩකයින් ගෙනල්ලා අදහස් ගන්න කමිටුවක් පත්කළා අලී සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඇමතිකම තියෙන කල් වැඩේ කරනවා. නැතුව ඇමතිකම රැකෙන්න කියලා අපි හැංගිලා ඉඳලා වැඩක් නෑනේ. මට රට වෙනුවෙන් වගකීමක් තියෙනවා. පොළොන්නරුවේ අහිංසක මිනිස්සු ඒ අය මාව පත්කළේ හරියට වැඩක් කරන්න. ඒ වගකීම හරියටම කරනවා. ජනාධිපතිතුමාට පුළුවන් ඕනේ නම් අස්කරන්න. ඒක එතුමාගේ තීන්දුවක්.

සුදුස්සාට දීලා තියෙනවා. අර්ජුනට දෙන්න සාධක තියෙනවා. එතුමා ලෝක කුසලානය ගෙනල්ලා තියෙනවා. එතුමා යද්දි දෙවැනි පෙළක් හදලා ගියා. අද දෙවැනි පෙළක් නෑ. ඒකෙන් ප්‍රශ්නය. ඒ වගේම මුරලිදරන්ට ප්‍රශ්න එද්දි එතුමා අභියෝග කළා. ඒක තමා නායකත්වය. එතුමාට තැනක් දුන්නේ නෑනේ කවුරුත්.

මේ රටේ පාර්ලිමේන්තුවට එතුමා පත්වෙලා ඉන්න කොට කවදාවත් ක්‍රීඩා ඇමතිකම දුන්නේ නෑ. මම කිව්වා මට වඩා දශමයක් හරි ක්‍රීඩා ඇමතිකමට හොඳ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අර්ජුන කියලා. අර්ජුනව මොන පක්ෂයෙන් හරි ගන්නවා නම් ජාතික ලැයිස්තුවෙන් හරි මම ඇමතිකම දෙන්න සුදානම්. එහෙම සුදානම් තියෙන මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලංකාවට ගෞරවයක් ගෙනාපු මිනිහා සභාපති කරන්නේ වෙන කාවද කරන්නේ. ඒ තීන්දුව මම ගත්තා.”

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...