ක්‍රිකට් අතුරු කමිටුවට සහ ගැසට්ටුවට අතුරු තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු කරන ලද අතුරු පාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (නොවැ. 7) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් එම නියෝග නිකුත් කර ඇත.

ඒ අනුව, එම නියෝග දින 14ක කාලයකට බලපැවැත්වෙනු ඇත.

තව ද පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඬුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තව ත් අතුරු නියෝගයක් ද නිකුත් කර තිබේ.

Latest News

More like this

විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ...

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...