ආබාධය නොතකා තනියෙන් දහ දෙනෙකුගේ ලකුණු රැස්කළ ග්ලේන් මැක්ස්වෙල්ගේ රජ ගැහිල්ල

ක්‍රිකට් ලෝක කුසලානයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලේන් මැක්ස්වෙල් (Glenn Maxwell) 2023 ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ පැවති ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟයෙන් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළේය.

ලකුණු 283 ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් අවස්ථාවකදී ලකුණු 91ට කඩුලු 7 ක් ලබා සිටි අතර, මැක්ස්වෙල් තනිව පන්දු 128 කදී ලකුණු 201 ක් රැස්කරමින් ප්‍රබල ඉනිමක් ක්‍රීඩා කරනු ලැබීය.

ඔහු හයේ පහර දහයක් සමඟ එම අගනා ඉනිම ක්‍රීඩා කළේ පාදයේ ඇති වූ ආබාධයකින් දැඩි ලෙස පීඩා විඳිමිනි.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 කට ලකුණු 291 ක ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට ලබා දුන්නේය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට සිය මුල් කඩුලු 7 ලකුණු 91ක් තුළ බිඳ වැටුණි.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ග්ලෙන් මැක්ස්වෙල් හා නායක පැට් කමින්ස් එක්ව ලකුණු 293ක් තුනක් දක්වා නොබිඳුණු සබඳතාවක් පවත්වමින් තරගය ජය ගත්තේය.

මැක්ස්නෙග් හයේ පහර දහයක් සමග දකුණු 201ක් වාර්තා කරන ලද්දේ ඔහුට ඇතිවූ ආබාධයක් සමගින් ක‍්‍රිඩා කරමිනි.

පාදයේ ආබාධය මත ඔහුට දිවීමට නොහැකි වූ නිසා මත හයේ හතරේ පහර වලින් පමණක් ඔහු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...