ක්‍රිකට් විනාශ කරන්න ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන්ට අනුබල දෙන ආණ්ඩුවේ ප්‍රබලයෙක් ගැන අර්ජුනගෙන් හෙළිදරව්වක්

ආණ්ඩුවේ සිටින එක්තරා ප්‍රබල පුද්ගලයකුගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ දූෂිත නිලධාරීන්ට ආරක්ෂාව
ලැබීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් විනාශ වන බව ශ්‍රී ලංකාවේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයා ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් රණතුංග මහතා පත් කළ නමුත් අභියාචනාධිකරණයේ නියෝගයක් අනුව එම කමිටුවේ කටයුතු ඊයේ (07) අත්හිටුවනු ලැබුවා.

මාධ්‍යවේදීන් අමතමින් ඒ මහතා සඳහන් කළේ ක්‍රිකට් පිළිබඳ කිසිදු දැනුමක් නොමැති රජය තුළ සිටින එක් විශේෂිත පුද්ගලයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වටා ඇති මෑත කාලීන අර්බුද පිටුපස ප්‍රධාන වැඩ කොටසක් ඉටු කරන බවයි.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන්ට සහය දීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව පැවසූ රණතුංග මහතා ඉදිරියේදී නිලවරණය ප්‍රකාශයට පත් කළ පසු එම පුද්ගලයාගේ නම හෙළි කරන බවද පැවසුවා.

තමන් අධිකරණයට ගරු කරන බව ප්‍රකාශ කළ ඒ මහතා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට තමාට වගකීමක් ඇති බැවින් ඊට මැදිහත් වීමට පමණක් එකඟ වූ බවයි.

Latest News

More like this

සෞඛ්‍ය ඇමතිතුමනි, අපි මීයොද?

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන්...

රාජ්‍ය නායකයාට තවම අපේ මහානායක හාමුදුරුවෝ බැහැ දකින්න එන්න බැරි වුණා – කොටපිටියේ රාහුල අනුනාහිමි

රට තුළ කුමන දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වුවද දේශපාලන නායකත්වය...

දෙදෙනෙක් එළොව ගිය පසු ඔන්ඩන්සෙට්‍රෝන් පිළිබඳ විමර්ශනයක්

නිර්වින්දනය සම්බන්ධයෙන් භාවිත කරන ඔන්ඩන්සෙට්‍රෝන් ඖෂධය භාවිත කිරීමෙන් මරණ...

අවුරුද්දක් යනතුරු කෝච්චියේ නුවර යන්න හිතන්නවත් බැහැ – නි. ඇමති ප්‍රසන්න

'දිට්වා' සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන...