රටක් හඬවා සදහටම දෑස් පියා ගත් රවිඳු

දිනෙන් දින සිදුවන හදිසි අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත බොහෝමයක් අකාලයේ අහිමි වී යන පුවත් අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ.

පසුගිය සිකුරාදා සවස එවැනිම අනතුරක් වාර්තා වුණේ දෙහිවල දුම්රිය ස්ථානය අසල දීය.

පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රවිඳු සහන් 25 හැවිරිදි තරුණයෙකි.

ඔහු පසුගිය සිකුරාදා දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගය අසල රැඳී සිටිය දී අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන්නේය.

දුරකථන ඇමතුමක් ලබාගනිමින් දුම්රිය මාර්ගය අසල රැඳී සිටි රවිඳු නොසිතූ නිමේෂයක දුම්රියේ ගැටී තිබුණි.

විවාහකයෙක් වන රවිඳුගේ අකල් මරණය මේ වනවිට මුළු සමාජ මාධ්‍ය තුළම දැඩි කතා බහකට ලක්ව ඇති අයුරු එහි ප්‍රවිෂ්ට වෙන ඕනෑම අයෙකුට දැක ගත හැකිය.

කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි රවිඳුගේ අවසන් කටයුතු හෙට (20) කොහුවල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

රවිඳු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වේ.

රවිඳු වෙනුවෙන් මුහුණුපොතේ මිතුරන් තැබූ සටහන් කිහිපයක් පහතින්,

“එක මෙහොතක්, එක තත්පරයක් ඇති අපි මේ ගෙවන මුළු ජීවිතය ම වෙනස් වෙන්න. හමුවෙන හැම ජීවිතයක් ම අපි ළඟ නතර වෙන්නැ කවදාවත් ම.
බෙන්ටා ආයෙ ආත්මෙක අපි කොහෙදි හරි සෙට්වෙමු!
එකම ඉස්කෝලෙක එකම පන්තියක ආයෙත් අපි එකට ම
ඉගෙන ගමු!💔
සුභ ගමන් බෙන්ටා උඹට!…”

“ඉන්න තැනක සතුටින් ඉදපන් වේල්ස් 😭 උබට ආදරෙයි බං. ❤️ අමතක වෙන්නෙ නම් නෑ උබව කවදාවත්. 😭😭💔”

“අඩෝ හිතාගන්න බැ රවියා..අපිට තවත් සහොදරයේක් වගේ යාලුවේක්. හිටිය .මේවැනි අකල් මරණ කිසිම කෙනෙක් ට සිදුවෙන්න නරකයි. . ඉන්න තැනක උබ හොඳින් ඉන්න ඕන ..😢😢 නිවන් සුව ලැබේවා.. රවියා”

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...