AI තාක්ෂණයේ භයානක කම : රශ්මිකා මන්දනා deepfake තාක්ෂණයේ ගොදුරක් වේ

කෘතිම බුද්ධිය (AI) තාක්ෂණයේ ‘භයානක බව’ කියාපාන ව්‍යාජ සංස්කරණය කරනු ලැබූ වීඩියෝවක් මේවන විට ඉන්දීය සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

මෙම ආන්දෝලනාත්මක වීඩියෝව ඔස්සේ ඉන්දීය සිනමා නිළියක් වන රශ්මිකා මන්දනා කෙටි ඇඳුමකින් සැරසී සෝපානයාකට ඇතුළුවන ආකාරය සටහන් වී තිබෙන අතර එය ඇගේ මුහුණ වෙනත් තැනැත්තියකගේ ශරීරයට බද්ධ කර නිර්මාණය කරන ලද්දක් බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් X ඔස්සේ අදහස් බෙදා ගනිමින් “මට ඇත්තටම වේදනාවක් දැනෙනවා. අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරන deepfake ගැන කතා කිරීමට සිදු වීම පිළිබඳව හා එයට මා ද ගොදුරුව සිටීම ගැන. මෙය මට පමණක් නෙවෙයි, තාක්‍ෂණය අනිසි ලෙස භාවිතා කරන ආකාරය නිසා බොහෝ හානිවලට ගොදුරු වන අප සෑම කෙනෙකුටම අතිශයින් බියජනක තත්ත්වයක්. මගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින පවුලේ අයට, හිතවතුන්ට මම ස්තුතිවන්ත වෙනවා. නමුත් මෙය මා පාසලේ හෝ විද්‍යාලයේ සිටියදී මට සිදු වූවා නම්, මෙය කවදා හෝ විසඳා ගන්නේ කෙසේදැයි මට සැබවින්ම සිතාගත නොහැකියි. මෙවැනි අනන්‍යතා සොරකම්වලින් අපෙන් වැඩි පිරිසක් පීඩාවට පත් වීමට පෙර අපි ප්‍රජාවක් ලෙස සහ ඉක්මණින් මෙය ආමන්ත්‍රණය කළ යුතුයි. ”

රශ්මිකා මන්දනා විදුලි සෝපානයකට ඇතුළු වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මෑතකදී පුළුල් ලෙස සංසරණය වූ අතර වීඩියෝවේ සිටින කාන්තාව සැබවින්ම බ්‍රිතාන්‍ය-ඉන්දියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරියක් වන සාරා පටෙල් බව හෙළි වීම සියලු දෙනාගේ කම්පනයට හේතු වුණා.

පටෙල් මහත්මියගේ මුහුණ deepfake තාක්ෂණය භාවිතයෙන් රශ්මිකා මන්දනාගේ මුහුණට බද්ධ කරමින් මෙය නිර්මාණය වී තිබෙනවා.

මෙය දැකීමෙන් කෝපයට පත් වූවන් අතර සුපිරි නළු අමිතාබ් බච්චන් මේ සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙස ද බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

Latest News

More like this

රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන් කිරීමේ කුමන්ත්‍රණයක්

සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නැවත...

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...