ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන සිනමාව, කර්මාන්‍ත අමාත්‍යාංශය යටතට ගන්න උද්ධික හඬක් නඟයි

කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කළහොත් සිනමා කර්මාන්තය නගා සිටුවීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඊයේ (07)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වනවිට සිනමා කර්මාන්තය පවතින්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ බවයි. මෙම කර්මාන්තය පුළුල් ක්ෂේත්‍රයක පවතින අතර එය කර්මාන්ත අමාත්‍යාංශය යටතට ගැනීම අනිවාර්ය බව ඔහු සඳහන් කළා.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කරමින් මන්ත්‍රීවරයා මේ බව විමසා සිටියා.

“මේක කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තියෙන්න ඕන. චිත්‍රපට ශාලාවලට විනෝද බද්දක් පනවා තිබෙනවා. විවිධ පළාත් අනුව බද්ද වෙනස් වෙන බව” ඔහු පැවසුවා

යාපනයේ විනෝද බද්ද සියයට 12 යි. දකුණු පළාතේ සියයට 10 ක විනෝද බද්දක් අය කරනවා. නිවැරදි බද්ද සියයට 7.5 කි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේදී සිනමා කර්මාන්තය දිරිගැන්වීමේ අරමුණින් මෙම විනෝද බද්ද අහෝසි කරනු ලැබුවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මීට අමතරව සිනමාව නගා සිටුවීමට නම් නිෂ්පාදකවරුන් අත්‍යවශ්‍ය බවයි. “අද කාලේ චිත්‍රපටයක් කරන්න නිෂ්පාදකයෙක් හොයාගන්න අමාරුයි. නිෂ්පාදකයෙක් හොයාගත්තත් චිත්‍රපට බෙදාහැරීමේ ආයතන බදුවලින් සියයට 10ක් අය කරනවා. චිත්‍රපට සංස්ථාවත් සියයට 10ක් බදු අය කරනවා. ඒ බදු ඔක්කොම අය කළාට පස්සේ නිෂ්පාදකයාට ඉතුරු වෙන්නේ ණයක් විතරයි. එවැනි තත්වයන් යටතේ නිෂ්පාදකයෙකු කිසිදා පවතින්නේ නැහැ. ඉතින් මට ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ ක්ෂේත්‍රය කර්මාන්ත අමාත්‍යාංශය යටතට ගන්නේ නැත්තේ කියලා.”

ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ හිටපු කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ සමඟ සිනමා කර්මාන්තය කර්මාන්ත අමාත්‍යාංශය යටතට ඇතුළත් කළ යුතුද නැද්ද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වට රැසක් පැවැත්වූ බවයි. “උද්දික මන්ත්‍රීවරයාගේ අදහස්ද ඇත්ත. හොඳම චිත්‍රපට නිෂ්පාදකට හිමි සම්මානය මට දෙවතාවක් ලැබුණා. නිෂ්පාදකවරයෙක් විදියට වුණත් මම පාර්ලිමේන්තුවට එන්න කලින් සිනමාවේ ප්‍රවර්ධනයට දායක වෙලා තියෙනවා. අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතා සමඟ සාකච්ඡා කර මෙම ක්ෂේත්‍රය කර්මාන්තයක් බවට පත්කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. නමුත් එය කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාම අනුමත කළ නොහැකි බව කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කළා.

Latest News

More like this

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...

පාසල් බස් රථවලට හා කාර්යාල බස්වලට CCTV අනිවාර්ය කෙරේ

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම...