අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හැක් කළ උසස් පෙළ සිසුවෙක් බලධාරීන්ට කළ බරපතල අනතුරු ඇඟවීම

ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට නිර්නාමික EEE ලෙස තමන් හඳුන්වා ගන්නා හැකර්වරයෙකු විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඔහු එම ප්‍රහාරය එල්ල කර තිබුණේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ආරක්ෂක හිඩැස් හා දුර්වලතා රැසක් පිළිබඳ ප්‍රබල පණිවිඩයක් ඉතිරි කරමින් වීම විශේෂත්වයක්.

හැකර්වරයා එම පණිවිඩයේ තමා උසස් පෙළ ශිෂ්‍යයකු බව ද සඳහන් කර තිබෙනවා

හැකර් විසින් තැබූ පණිවිඩයේ මෙසේය:

“මගේ නම නිර්නාමික EEE සහ මම දැනට A/I හදාරන ශිෂ්‍යයෙක්. ඔබගේ වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසීම ගැන කණගාටුයි, නමුත් ඔබගේ වෙබ් අඩවියේ යම් ආරක්‍ෂිත දෝෂ පවතිනවා. ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මම මෙය වාර්තා කරන්නේ මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. එය නිවැරදි කරන්න, ස්තූතියි.”

කෙසේවෙතත් මෙම සයිබර් ප්‍රහාරයෙන් පසු බිඳ වැටී ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මේ වන විටත් යථා තත්ත්වයට පත් කර නැහැ.

Latest News

error: Content is protected !!