මහා සාගතයක් අභිමුව සුප් හැන්දකට සටන් කරන ගාසා හි දරුවන්ගේ බිහිසුණු වැඩිවීමක්

ගාසා තීරයේ රෆාහි වෙළඳපොළට යාබද පටු පාරක, ස්වේච්ඡාවෙන් වතුර සහිත සුප් බෙදා හරින පුද්ගලයෙකුගෙන් එම ආහාර ලබා ගැනීමට එක් වූ ළමයින් කණ්ඩායමකගේ දීර්ඝ පෝළිමක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පෝලිම වේගයෙන් වැඩි වන විට, ළමයින් දියර හැඳි කිහිපයක් සඳහා එකිනෙකා තල්ලු කරමින් සටන් කරන ආකාරය එම වාර්තාවල දැක්වෙනවා.

“එය සාගරයට ජල බිංදුවක්”, තාවකාලික දර ලිපක් මත ඔහු පිසින ආහාර පරිත්‍යාග කරනු ලබන ප්‍රාදේශීය ස්වේච්ඡා සේවකයා මාධ්‍ය වෙත පවසා සිටියා.

සඳුදා සවස ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සහන සේවකයින් හත් දෙනෙකු මිය යාමෙන් පසු, World Central Kitchen ඔවුන්ගේ මෙහෙයුම් අත්හිටුවා ඇති පසුබිමක මෙම අවසනාවන්ත තත්ත්වය තවදුරටත් නරක අතට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. තවත් ආයතන ගණනාවක් ඔවුන්ගේ අඩිපාරේ ගමන් කරමින් සහන සේවයන්ගෙන් ඉවත්ව ඇතැයි වාර්තා වෙනවා.

World Central Kitchen පවසන්නේ එය ඔක්තෝබර් මාසයේ සිට උණුසුම් ආහාර මිලියන 35 ක් පමණ සපයා ඇති අතර ප්‍රජා මුළුතැන්ගෙයි 60 කට වඩා ස්ථාපිත කර ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ කුසගින්නෙන් පෙළෙන ළමා සංඛ්‍යාවේ බිහිසුණු වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. ළමයින් පමණක් නොව, ඔවුන්ගේ ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා එම දරුණු ඉරණමට මුහුණ පා ඇතැයි පැවසෙනවා.

ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර සංවිධාන වාර්තාවකින් ද සාගතයක් අත ළඟ බවත් ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් මැයි සහ ජූලි අතර ව්‍යසනකාරී මට්ටමේ සාගින්නකට මුහුණ පානු ඇති බවත් පෙන්වා දී තිබෙනවා.

මාර්තු 19 වන දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ගාසා තීරයේ මිලියන දෙකක වැසියන් “උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයේ දරුණු මට්ටම්” අත්විඳින බව ප්‍රකාශ කළා.

භූමි ප්‍රදේශයක මුළු ජනගහනයම මේ ආකාරයට වර්ග කළ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

Latest News

More like this

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...

අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි

වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම...

ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…

ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි...

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..

ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක්...