දමිතායි සැමියයි රිමාන්ඩ් භාරයට

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව අඹුසැමි යුවළ අප්‍රේල් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය විසින් දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ පොරොන්දුවක් මත මිලියන 3ක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට දියත් කර ඇති විමර්ශනයන්ට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කෙරුණා.

එම විමර්ශනයන්ට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩුවේ සැකකරුවන් ලෙස අබේරත්න සහ ඇයගේ සැමියා නම් කරන බවයි.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ අතර සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා බදාදා (03) අඹුසැමි යුවළට විදෙස් ගමන් තහනමක් ද නිකුත් කළා.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...