සජිත් අනුර විවාදය ITN එකෙන්

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර පැවැත්වීමට නියමිත ආර්ථිකය ගොඩනැඟීමේ විවාදය පිළිබඳ ආණ්ඩුව දැඩි අවධානයක් සහ උනන්දුවක් දක්වන බව අභ්‍යන්තර දේශපාන ආරංචි මාර්ග පවසයි.

පසුගිය දිනයක ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් සහ ජනාධිපතිවරයා අතර ඇතිවුණු සාකච්ඡාවලදී ද මෙය ප්‍රධාන මාතෘකාවක් වී ඇත.

එම විවාදය විකාශය කිරීමට පෞද්ගලික නාළිකා කිහිපයක්ම මේ වන විට ආරධානා කර ඇති බවත් ආණ්ඩුවේ නාළිකා ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් මෙහිදී සාකච්ඡා විය.

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඒ මොහොතේම ITN සභාපති සුදර්ශන ගුණවර්ධන අමතා විවාදය එහි විකාශය කිරීමට ආරධනා කරන්නැයි උපදෙස් දී තිබේ.

නාළිකාවට එන්න බැරිනම් කැමරා ආම්පන්න ඔවුන් කැමති ස්ථානයකට රැගෙන ඒමට කැමති බව ප්‍රකාශ කරන ලෙසද දන්වා ඇතැයි පැවසේ.

Latest News

error: Content is protected !!