මිනිස් ඇටකටුත් යොදා හදන මාරාන්තික කුෂ් මත්ද්‍රව්‍ය : සියෙරා ලියෝන් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

සියෙරා ලියොන් හි ජනාධිපති ජුලියස් මාඩා බයෝ, කුෂ් (Kush) නමින් හැඳින්වෙන මාරාන්තික කෘත්‍රිම මත්ද්‍රව්‍ය භාවිතය මර්දනය කරන ලෙස ඔහුගේ රජයෙන් කරන ලද ඉල්ලීම් අනුව මත්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

අධි අබ්බැහිකාරක ලෙස සැලකෙන මරිජුවානා, ටෙන්ටැනයිල් සහ ට්‍රැමඩෝල් යන සංයෝග ගණනාවක එකතුවක් වන කුෂ් සියරා ලියොන් හි භාවිතයේ දී මිනිස් ඇටකටු ද භාවිත කරන බව පෙනී ගොස් ඇත.

මිනිස් ඇටකටු භාවිත කරන්නේ දැයි තහවුරු කර නැතත් මේ සඳහා මිනී වළවල් හෑරීම පිළිබඳ මාධ්‍ය වාර්තා ගණනාවක් මතු වී තිබේ.

එය සියෙරා ලියෝන් හි ප්‍රථම වරට හමු වූ දා සිට සිය ගණනක් මරණ වාර්තා වී ඇති අතර නිශ්චිත මරණ සංඛ්‍යාව පිළිබඳ නිල සංඛ්‍යාලේඛන නොමැති බව සඳහන් වේ.

ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා රාත්‍රීයේ ජාතිය අමතා මෙම ජාතික හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එමෙන්ම මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද ඔහු සූදානම් වේ.

ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දරිද්‍රතාවයේ ජීවත් වන සියරා ලියොන් හි කලකිරුණු, රැකියා විරහිත තරුණයින්ට මේ සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය වී ඇත්තේ එහි පහසු මිල නිසා බව කියැවේ.

මෙම මත්ද්‍රව්‍ය අසල්වැසි බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ලයිබීරියාවේ ද දක්නට ලැබේ.

ව්‍යසනය පාලනය කිරීමට සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ඉන් මිදීමට උදව් කරන ලෙස ද ප්‍රාදේශීය ප්‍රජාවන් රජයෙන් ඉල්ලා තිබේ.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...