අපේම ආර්ථික මාදිලියක් නිර්මාණය කිරීමේ සැලැස්ම අපි සතුයි – විජිත හේරත්

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් නිෂ්පාදනය මත පදනම් වූ අපේම ආර්ථික මාදිලියක් ගොඩ නඟා ගත යුතු බවත් එම වෙනසට නායකත්වය ගැනීමට හා ජාතික භික්ෂු පෙරමුණ ජාතික ජන බලවේගයට ජාතික මෙහෙවරක් කිරීම සඳහා සමාජයෙන් බල කිරීමක් පවතින බවක් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජාතික භික්ෂූ පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවති රජරට මහසඟ සමුළුව අමතමනි.

රටට ආදරය කරන, සැබෑ දේශප්‍රේමී, සැබෑ ජනතා හිතවාදී කණ්ඩායමක් මේ රටේ පාලනය බලය අතට ගත යුතු වීම අනිවාර්ය බව ඔහු මෙහි දී අවධාරණය කරනු ලැබීය.

එම කර්තව්‍ය ඉටු කිරීමේ දී භික්ෂුවගේ වචනය, ආදර්ශය, අනුශාසනය ඉතාම ප්‍රබල බලපෑමක් බව ඔහු පැවසීය.

ඔහු එහි දී දැක්වූ අදහස් කිහිපයක් පහතින්.

“අද පොදු පරාර්ථකාමිත්වය නැති වෙලා තිබෙන්නේ. බුදුරජානන් වහන්නේ අංගඤ්ඤ සූත්‍රයේ දේශනා කළේ “දුප්පත්කම ඇතිවෙන කල්හි හොර හතුරෝ බිහිවේ. හොර හතුරෝ ඇතිවෙන කල්හි අවි ආයුධ බිහිවේ. අවි ආයුධ ඇති වෙන කල්හි අපරාධ, දූෂණ, වංචා, මිනීමැරුම් සමාජ අපරාධ ඇතිවේ” කියලයි. අද සියල්ල කෙලෙසීමට පත්වෙලා. අපරාධ වැඩිවෙලා. පූජනීය වූ ආගමික සංස්ථාවත් අද මේකේ ගොදුරක් බවට පත්වෙලා. මේක අපි තේරුම් ගත්තාට මදි. මෙය වෙනස් කරන්න ඕනෑ. වෙනස් කරන්න අපි නායකත්වය ගන්න ඕනෑ. ජාතික භික්ෂු පෙරමුණට, ජාතික ජන බලවේගයට ජාතික මෙහෙවරක් කිරීම සඳහා බලකිරීමක් සමාජයෙන් ඇවිත් තිබෙනවා. ඒ බලකිරීමත් එක්ක අපි සියලු දෙනාටම එකතු වෙලා මේ රට නව පරිච්ඡේදයකට වෙනස් කිරීමේ වගකීම අපේ දෙවුර මතට ගන්න සිදුවී තිබෙනවා.

අපි එකතු වෙමු. ඔබ වහන්සේලාගේ අනුශාසනා, උපදෙස් දේශපාලන නායකයන් විදිහට අපිට ඉතාමත් අත්‍යවශ්‍යයි. අද ගමේ ජනතාව ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ අතරමං වුණු ජනතාව එතැනින් මුදා ගැනීම සඳහා මාර්ගෝපදේශයක් සපයන්න කියලා. ඒකට මඟපෙන්වන්න කියලා. අද අපි හැමෝටම වගකීමක් තිබෙනවා මේ විනාශයේ අගාධයෙන් රට මුදා ගන්න. ඒ ජාතික මෙහෙවරට අපි දායක වෙමු. නායකත්ව වගකීම අපි බාර ගනිමු.

ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික සැලැස්මක් තිබෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මහා දැවැන්ත ජනතා බලවේගයක් අවශ්‍යයි. අපි සියලු දෙනාම එකතු වෙලා වැඩකරලා, නායකත්වයේ දේශපාලන ආදර්ශය රටට දෙමින් ජාතික පිබිදීමකින් මේ රට ගොඩනගමු. ඒ වෙනුවෙන් අපි සංවිධානය වෙමු.”

Latest News

More like this

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...

ගෑස් හිඟයක් නෑ.. නැව එනවා – විජිත

ගෑස් හිඟයක් ළඟදීම ඇති වන බවට අද (18) පාර්ලිමේන්තුව...

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...