ඩිජිටල් ඇමතිකම භාරගෙන මං මුලින්ම කළේ ඩික්ෂනරිය පෙරළලා “ඩිජිටල්” කියන වචනේ තේරුම හොයපු එක

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස කටයුතු කළ 2015-2019 කාල සීමාව තුළ ෆයිබර් ඔෆ්ටික් තාක්ෂණය යොදා ගනිමින් පොළොව යට විශාල හයිවේ එකක් නිර්මාණය කළ බවත් වාහන ධාවනය නොවන එම තාක්ෂණය තේරුම් ගැනීමට තරම් ලංකාව දියුණු වී නැතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ ජනතා හමුවක් අතරතුර දීය.

තමාට ඩිජිටල් අමාත්‍ය ධුරය මුල්වරට භාට දුන් අවස්ථාවේ “ඩිජිටල්” යන වචනයේ තේරුම පවා දැන නොසිටි බවයි ඔහු පවසා ඇත්තේ.

“ඇමති ධූරය ලැබුණ ගමන් මම කළේ මළලසේකර ඩික්ෂනරිය පෙරළලා ඩිජිටල් කියන වචනේ තේරුම හොයන එක.ඒකෙ තේරුම තිබුනේ ආංකන කියලා.මම මහියංගනේ ගිහින් කියන්න ද මම ආංකන ඇමති කියලා”

ඩිජිටල් යනු ඇඟිලි තුඩට ලෝකයක් රැගෙන ඒම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Latest News

More like this

ග්‍රීන්ලන්තයේ සෑම පුරවැසියෙකුටම ට්‍රම්ප්ගෙන් ඇ ඩොලර් 100,000ක ඔෆර් එකක්

ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම...

සිංහයා යළි කකුල් සතරෙන් සිටගනී. ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි..

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය...

ඉරානය නොසන්සුන් කළ ආගමික සංස්ථාව හා වෙළඳ පැලැන්තිය අතර ගැටුම

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා අඛණ්ඩව දහතුන්වන දිනටත් සිකුරාදා පැවැත්වුණේ...

බුද්ධාගම පොතට ධර්ම චක්‍රය වෙනුවට අශෝක චක්‍රය දාලා.. විපක්ෂ නායක සජිත්

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව...